ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි..!

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුනා.

ඒ අවසාන පූර්ව තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05කින් පරාජය කිරීමත් සමගයි.

ජයග්‍රහණය සදහා ලකුනු 259ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් පිළ පන්දුවාර 45. 3කදි කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුශ්ක හතරේ පහර 09ක් සමගින් නොදැවී ලකුණු 109ක් ලබාගත් අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 68යි.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පිතිකරුවන්ට එරෙහිව සිම්බාබ්වේ කන්ඩායම පන්දු යවන්නන් 09 දෙනෙකු යොදාගනු ලැබුවත් ඉන් යම් තරමකට හෝ සාර්ථක වූයේ Nkosilathi Nungu පමණි. ඔහු ලකුනු 49කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ යොවුන් පිළ නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 04කට ලකුණු 259ක් රැස් කළේය.

පන්දුයැවීමේදී තිසරු රශ්මික ලකුනු 58කට කඩුලු 02ක් දවාගත් අතර ධනංජය ලක්ෂාන් හා හරීන් බුද්ධිල එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.