කිරිබත්ගොඩින් මහජන සේවයට එන සුරූපිනිය…

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන සුවිශේෂී අපේක්ෂකයන් පිළිබඳව අප විටින් විට අවධාරණය කලා. අදත් එවන් අපේක්ෂිකාවක් ගැන කියන්නයි හදන්නේ. SL News Lanka අපි ඇයව හොයාගෙන ගියා. ඇය චම්මි හපුතන්ත්‍රී. මේ ඇය අපත් සමඟ පැවසූ විස්තර…

කවුද මේ චම්මි හපුතන්ත්‍රී?

මම මෙවර කිරිබත්ගොඩ කොට්ඨාශයෙන් කැළණිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙනවා.. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් පොහොට්ටුවෙන්.. වෘත්තීයෙන් රූප ලාවන්‍ය ශිල්පිණියක්.

ඇයි හදිසියේම මැතිවරණයට තරඟ කරන්.. හිතුනේ?

මේක අහම්බයක් නෙවෙයි.. මම කාලයක් විදේශගත වෙලා හිටියේ.. ඊට පසුව ලංකාවට ආවට පස්සෙ “රට වෙනුවෙන් අපි” ස්වේච්ඡා සයිබර් කණ්ඩායමත් එක්ක වැඩ කලා.. එතනදි තමයි කැළණියට විශාල මෙහෙවරක් කරපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මැතිතුමන්ගෙන් මට ආරාධනයක් ලැබුනේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා.. මේ රටට, මේ රටේ දරුවන්ට, මේ රටේ කාන්තාවන්ට සේවයක් කරන්නට, මේ වෙලාවේ මම කල යුත්තේ මැතිවරණයට ඉදිරිපත් වීම නම්, එය කිසිසේත්ම හදිසියක්වත් අහම්බයක්වත් වෙන්නෙ නෑ..

කාන්තාවකට මැතිවරණයක් කියන්නෙ අසීරු අභියෝගයක් කියලා හිතෙන්නෙ නැද්ද?

මගේ ජීවිතේට අභියෝග වලින් අඩුවක් වුනේ නෑ.. ඒ හැම දේටම මම තනියෙන් මුහුණ දුන්නා.. මැතිවරණ ව්‍යාපාරයට පිවිසුනාම මඳක් චකිතයක් දැනුනේ නෑ කියනවා නම් ඒක බොරුවක්.. නමුත් ඒ අභියෝගය ජීවිතේ අනිත් හැම අභියෝගයක්ම ජයගත්තා වගේ, මම සාර්ථකව ජය ගන්න බව නම් මට විශ්වාසයි.

ඇයි මේ පොහොට්ටුව තෝරාගන්නේ?

මම හිතන්නෙ ඕක තමයි අද දවසේ තියෙන කාලීනම ගැටළුව. මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නටනම් ඒ සඳහා ගැලපෙනම කඳවුර තෝරගන්න වෙනවා. මේ ආණ්ඩුවෙන් පීඩාවට පත් නොවූ මිනිසුන් සොයා ගැනීමටත් අපහසුයි. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න නම් අපි තෝරාගත යුත්තේ ඒ වෙනුවෙන් ගැලපෙනම කඳවුරක්.. අද ආණ්ඩු විරෝධී බලවේගයට තියෙන්නෙ පොහොට්ටුව පමණයි.. එනිසා කඳවුර තෝරාගැනීමේදී නිතරගයෙන්ම පොහොට්ටුව ඉදිරියෙන් සිටිනවා.

මන්ත්‍රීවරියක් ලෙස තෝරා පත් වූවාට පසු මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ?

මගේ ජයග්‍රහණය ගැන හිතනවාට වඩා මම මූලිකත්වය දෙන්නෙ පොහොට්ටුවේ ජයග්‍රහණයට. මෙම මැතිවරණය හුදෙක්ම අපව තෝරා පත්කරගන්නවාටත් වඩා මේ රටේ අනාගතය තීරණය වෙන මැතිවරණයක්. වේගයෙන් දියුණු වුන, සාමය ස්ථාපිත වුන, යෝධ ව්‍යාපෘති ඇතිවුන සුන්දර ශ්‍රී ලංකාවක සිහින දකිමින් සිටි අපව කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහපු අවුරුදු තුනක් තමයි පහුගිය අවුරුදු තුන. අධිවේගී මාර්ග, දැවැන්ත විදුලි ව්‍යාපෘති, වරායවල්, ගුවන් තොටුපලවල් විවෘත කරපු රජයක් ගෙදර යවලා පදික මාරුවල ලයිට් හයි කරලා ඒවා විවෘත කරන, පාර දෙපැත්තෙ කාණු හදලා ඒවා විවෘත කරන, ප්‍රජා ශාලාවක සින්ක් එකක් හයි කරලා ඒවා විවෘත කරන රජයක් හම්බෙලා තියෙනවා.. ඉස්සෙල්ලාම මේ ව්‍යසනයෙන් රට බේරාගන්න කැපවීමයි අප කලයුත්තේ.. මම මන්ත්‍රීවරියක් ලෙස පත්වුනොත් කියා ඇසූ ඔබේ ප්‍රශ්ණයට සෘජු පිළිතුරක් දෙනවානම් ඊටත් පිළිතුරු ගොඩාක් තියෙනවා..

කිරිබත්ගොඩ ජනතාව ප්‍රධාන වශයෙන් පීඩා විඳින ගැටළු කිහිපයක් තියෙනවා. ඒකිරිබත්ගොඩ නගරයේ අපිළිවෙල. ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙලක් යෝජනා කල යුතු වෙනවා. ඒ වගේමයි ඩෙංගු උවදුර. මිනිසුන් තම ගෙවල් ඉතා හොඳින් නඩත්තු කරනවා.. නමුත් කාණුවල, රජය සතු ඉඩම් වල, හිස් ඉඩම්වල මදුරුවන් පාලනය කරන්නට අදටත් පාලනාධිකාරිය අසමත් වෙලා තියෙනවා.. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. ඒ වගේම ප්‍රදේශයේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව පොදු වැඩ පිළිවෙලක් යෝජනා කරන්නත් අදහසක් තියෙනවා.. කොට්ඨාශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ සෑම ක්‍රියාමාර්ගයක්ම ක්‍රියාත්මක කරන්නට මම උපරිමයෙන් කටයුතු කරන බව ඔබටත් ඔවුන්ටත් මේ වෙලාවේදී අවධාරණය කල යුතුයි.

එහෙනම් ඔබට සුභ පතනවා අපි ජයග්‍රහණය වෙනුවෙන්…

ස්තූතියි SL News Lanka සැමට මට මේ අවස්ථාව ලබා දුන්නාට.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්..,