හිටපු ඕස්ට්‍රේලියානු නායකයා වසර 22 පසු ඇත්ත පිළිගනී..

1995 වසරේදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර MCG ක්‍රීඩාංගනයේදී පැවති Boxing Day ටෙස්ට් තරගයේදී විනිසුරු ඩැරල් හෙයාර් ශ්‍රී ලංකා පිළේ සුපිරි පිට දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට කළ චෝදනාව ආසාධාරණ යැයි හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ පවසයි.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමග එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඔහු මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුවක් තිබුණා නම් එය තරඟයට පෙර විසඳාගතව තිබූ බවත්,ඩැරල් හෙයාර් මෙන්ම විනිසුරු රෝස් එමර්සන්ද මුරලිට එම චෝදනාව එල්ල කළේ ඔහුට අගෞරවයක් කිරීමේ අරමුණින් බවද පැවසීය.

“එය ඔහුටම ආවේනික ඉරියව්වක්… මම හිතන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකුලයි. මම හිතන්නෑ ඔහු පන්දුව දමා ගැසුවා කියා.. මුරලිට ඒදා වුණ දේ ආසාධාරණයි..” යැයිද සඳහන් කළේය.

මුරලිට මෙම චෝදනාව එල්ලවූ ටෙස්ට් තරඟයට ස්ටීව් වෝද ක්‍රීඩා කළේය.

වීඩියෝව පහතින්.