හතුරුසිංහ ලෝක කුසලානය දිනන්න සැලසුම් සෑදීම අරඹයි..!

ශ්‍රී ලංකා ක්‍රිකට් සිය සුපුරුදු ජයග්‍රාහී තරග රටාවෙන් ඈත්ව සිටිනා සමයක ශ්‍රී ලංකා ක්‍රිකට් සුපුරුදු ජයග්‍රහන මාර්ගයට ලබා ගැනීම සදහා වීරයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අවසන් බලාපොරොත්තුව ලෙස රසිකයන් හදුන්වන පුහුණුකරු චන්දික හතුරුසිංහ ය. බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික, දුර්වල කණ්ඩායමක් වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යෑමට පවා සමත් විය.

මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමට පැමිණි චන්දික හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග 2019 ලෝක කුසලානය අරභයා සැලසුම් සැදීම අරඹා තිබෙනවා. මේ අනුව මෙම සැලසුම් වල ප්‍රථම පියවර ලෙස චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට ඉල්ලීමක් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නොවන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරනවා.

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක, දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේද නායකයා කිරීමට මෙලෙසින් චන්දික හතුරුසිංහ ඉල්ලා තිබෙන බව නිල නොවන ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා කරනවා. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතර නායකත්ව කුසලතා අතින් චන්දිමාල් බොහො සෙයින් ඉදිරියෙන් සිටිනා බව විචාරක මතයයි. කෙසේ වෙතත් චන්දිමාල් තවමත් ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානයක් තහවුරු කරගෙන නැහැ.

මේ අනුව බොහො විට 2019 ලෝක කුසලානය ඉලක්ක කර ගෙන, චන්දික හතුරුසිංහගේ සැලසුම් වලට අනුව දිනේෂ් චන්දිමාල් ට එක්දින නායකත්වය හිමි වනු ඇති බව සදහන්.