“බෝලේ අතට දාපන් බූරුවා…” නායක තිසර පෙරේරා, යොවුන් අකිලට කියූ දෙයින් ක්‍රිකට් ගිණියම් වෙයි..! මෙන්න විස්තරේ…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමුවන විස්සයි විස්ස තරගය පසුගිය දින ඉන්දියාවේදි පැවැත්වුණි. ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට ලක්වූ එම තරගයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක්ව තිබේ.

එනම් ශ්‍රී ලංකා සීමීත ඕවර් තරග වල නව නායක ලෙස පත්වූ තිසර පෙරේරා, යොවුන් ක්‍රීඩක අකිල ධණංජයට කියූ කතාවකි.

තරගයේ පලමු ඉනිමේ උද්වේගකර අවස්තාවකදී මෙම සිදුවීම සිදුවුණි. පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පන්දු රැකීමේ දෝෂයක් සිදුවූ යොවුන් ක්‍රීඩක අකිල ධණංජයට කීවේ “බෝලේ අතට දාපන් බූරුවා” ලෙසය. පන්දු යවන අන්තයේ කඩුල්ලේ රදවා තිබෙන කැමරාවකින් තිසර එලෙස පවසනු තරග විකාශයේදී සජීවිව විකාශය වුණි.

ඒත් සමගම තිසර පෙරේරාගේ මෙම ප්‍රකාශය ශ්‍රවණය වූ ශ්‍රී ලංකා රසිකයන්, සමාජජාලා මාධ්‍යවලදී නායක තිසර පෙරේරාට එල්ල කර තිබුණේ දැඩි විරෝදයකි. බොහෝ ක්‍රීඩා රසිකයන් සිදුවීම විවේචනය කර තිබු අතර ඔවුන් පවසා තිබුණේ පසුගිය ශූරයන්ගේ කුසලානයේදී තීරණාත්මක පාකිස්තාන තරගයේදී තිසර පෙරේරා අතහැරි උඩ පන්දුව නිසා ශ්‍රී ලංකාවට අහිමි වූයේ කුසලානය බවයි. ඒ අවස්තාවේ පන්දු යැවූ ලසිත් මාලිංග පන්දුවාරය අවසන් කර තිසර පෙරේරා වෙත ගොස් ඔහු අස්වස්සා ලීම පිළිබදව බොහො රසිකයන් අදහස් දක්වා තිබුණා.

පීඩනය නිසා අත්වැරදීම් සිදුවීම ක්‍රීඩාවේ ස්වභාවය බවත්, එවැනි අවස්තාවල සිය සගයා තවත් පීඩනයට පත් නොකිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාව උගන්වන සැබැ විනය බවත් රසිකයන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.

සිදුවීම පිළිබදව සමාජජාලා වල පළවූ අදහස් කිහිපයක් පහතින්,