නාම යෝජනා අහිමිව කෙඳිරිගාන සැමට කණ පැලෙන කථාවක්…

2015 ජනවාරි අට වනදා සිට මෙම ආණ්ඩුව පළවා හැරීමේ සටනේ ප්‍රභල ක්‍රියාකාරිකයෙක් යැයි බොහෝ දෙනා මාව හඳුන්වයි.. සයිබර් අවකාශයේ මෙන්ම බිමත් සැමතැනම මාගේ දායකත්වය සැම විටම ලබා දෙන ලදී.

ඒ වාගේම බොහෝ දෙනා එවැනිම මහන්සියකින් වැඩ කරන, වැඩ කරපු අයද බව දනිමි. මේ තිරිසන් ආණ්ඩුව ගෙදර යැවීමේ වෑයමට මට කිසිවක් අදාල නැති බව මගේ හිතවතුන් දනිමි. මිනිසුන් මට සල්ලි වලට ලියන මිනිසෙක් බවට ඡෝදනා කලේය.. නමුත් එසේ දුන්න බව කියන්නට කිසිවෙකුට නොහැකිය. මගේ කැපකිරීම් වෙනුවෙන් කිසිවෙකුගෙන් අද වනතුරු මුදල් ලබාගෙන නැතිබව මගේ හෘද සාක්ෂියට එකඟව දනිමි. සමහර ප්‍රතිවාදීන් මම බත් පැකට් එකට බුරියානි එකට කඩේ යන්නෙක් බවත්, එහි සාපය මගේ දරුවන්ටද වදිනු ඇති බවටත් සාප කලේය. මුදලට විකිණිච්ච මහින්දවාදීන් සේ පෙනී සිටි සියල්ලෝම, මා වෙත ගොසිප් අඩවි වලින් පහර දීමෙන් නොනැවතී ගමේ තාප්ප පුරා කැලේ පත්තරද ගැසුවෝය. මේ කිසිවකින් අදටත් මගේ ගමන නවතා නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිටන්, ගම් මට්ටමේ බිම ශක්තිමත් කරන පාක්ෂිකයා දක්වා පසුගිය මාස දෙක තුල මගෙන් ඇසූ එක ප්‍රශ්ණයක් විය. ඒ..

අභියා, උඹ ඡන්දෙ ඉල්ලනවාද? මොන කොට්ඨාශයෙන්ද?

හැමෝටම ලැබුණ පිළිතුර එකකි.. ඒ මම ඉල්ලන්නෙ නෑ බං.. ඡන්දෙ ඉල්ලීම මගේ හෝඩියේ නෑ…

මගේ නාම යෝජනා මම විසින්ම ප්‍රතික්ෂේප කරගනු ලැබුයේ එළෙසිනි.

එහෙනම් ඒ ඇයි?

දේශපාලන අධිකාරියේ අරමුණ හා අපේ අරමුණ දෙකකි. දේශපාලන අධිකාරියේ අරමුණ බලය පවත්වාගෙන යෑමයි.. අපේ අරමුණ රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් කටයුතු කිරීමයි.. පුද්ගල බද්ධව, පක්ෂ බද්ධව අප කටයුතු කල යුත්තේ අපේ අරමුණේ දේශපාලනික පැත්ත ඉටු කර ගැනීම උදෙසාය. ඒ සඳහා වූ අද දවසේ හොඳම විකල්පය මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ පොදුජන පෙරමුණය (පොහොට්ටුවය).

දේශපාලකයෝ සැමවිටම ආත්මාර්ථයට ප්‍රමුකතාවය දෙන්නෝ වෙති. තමන් අභිබවා යන්න හදන්නා පාගා කුඩු පට්ටම් කිරීමට ඔවුන් දෙවරක් නොසිතති. කිසිදු පක්ෂයක මීලඟ නායකයා කවුදැයි කියන්නට බැරි ඒ නිසාය. සාර්ථක දේශපාලකයා ගෝලයෝ සාදයි.. හැබැයි නායකයන් සාදන්නේ නැත.

එනිසා සැබෑ අරමුණකින් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් වැඩ කරන්නා දේශපාලනයට පිවිසෙනවානම් මේ දිනුම වගේම පරාජයද විඳ දරාගත හැකි ලෙස දේශපාලනයට පිවිසීමට අදහස් කල යුතුය. රට වෙනුවෙන් යැයි සිතා කටයුතු කර, මැතිවරණ ටිකට් එක නොලැබීමෙන් පසුව තමන් නියෝජනය කල කඳවුර අතහැර වෙන කඳවුරකට එක් වන්නන්ගේ සැබෑ අරමුණ,

“මේ මල ඉලව් රට කන්නද උට්ටො, අපිට ටිකට් එක දෙන්න මේ ගොන් හැත්තට බැරිනම්… අපි මෙච්චර කල් මේවා කලේ මේකටද.. සිරිසේනගෙන් ඉල්ලනවා උට්ටො… නැත්නම් ස්වාධීනෙන් ඉල්ලනවා උට්ටො..”

කියා කීමනම්, එසේ කීමෙන්ම ඔවුන්ගේ අරමුණ පැහැදිලිය. මේ මැතිවරණය පෙරණයකි. සැබෑ මිනිසුන් හඳුනාගෙන සැබෑ අරමුණකින් කටයුතු කරන මිනිසුන් තව දින කිහිපයකින් පෙරා වෙන් කර ගත හැකිවනු ඇත.

Reject වූ මිනිසුන් සැබෑ ලෙසම Reject කල යුතු මිනිසුන් ද යන්න බව ඉදිරි දින කිහිපයේදී සැබෑ ලෙසම පසක් වීමට ඉඩ හැරිය යුතු වේ…

– අභීත එදිරිසිංහ