මහින්දානන්ද, පවිත්‍රා, සී බී ඒකාබද්ධයෙන් ඉවත් වෙයිද?

යුන්පි කාරයෝ කියන්නේ කතා හදන්නයි මඩ ගහන්නයි විතරක් දන්න පිරිසක් බව රටම දන්නා කාරණයක් යුන්පි මඩ කාරියන්ට එහා යමින් ජවිපෙ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිසේන ලැදි කණ්ඩායම වසර කිහිපයක් තිස්සේ මහින්දානන්ද අලුත් ගමගේ මන්ත්‍රී තුමන් ආණ්ඩුවට එක් වන බව කියමින් විවිධ අවලාද නගමින් සිටින බවත් එම කතාවන් මේ වන විටත් ගසමින් මෝඩ චුන් එකක් ගනිමින් සිටින බවත් පෙනේ. මේ පමණ කලක් මහින්දාන්ද අලුත්ගමගේ සිරිසේන සමග එකතු වන බව කි මඩ කාරියන් සී.බි රත්නායක, විමල් විරවංශ, පවිත්‍රා වන්නිආරච්චි හා තවත් බොහෝ අය ආණ්ඩුවට එක් වන බව කියමින් බොරු ප්‍රචාරයන් යවමින් සිගිති ආතල් එකක් ගනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂය හා සිරිසේන එක්වන බව කියමින් ගත් ආතල් එක කුඩු වී ගිය මොහොතකය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් ඉවත්ව සිරිසේන සමග එක් වන බව කියමින් කට කතා යැවීම ඉතා සුක්ෂම ලෙස යැවීමට සිරිසේනලා කටයුතු කරයි. ඒ සදහා ඔවුන් මුලින්ම භාවිතා කරන්නේ යුන්පි හෝ ජවිපෙ අයෙකි. එවන් අයෙක් ලවා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් හට දුරකථන ඇමතීමක් දී අන්න මන්ත්‍රී තුමා අහවලා සිරිසේන එක්ක සාකච්චාවක් බොරුනම් අහවලාගෙන් අහන්න යනුවෙන් කියමින් කට කතාව නිර්මාණය කරයි. එම කතාව අදාල මන්ත්‍රී වරයා තවත් හිත වත් මන්ත්‍රී වරයෙකුගෙන් අසන අතර එය දිගින් දිගට යමින් ඒකාබද්ධ විපක්ෂ නායකයින් දක්වා ගමන් කරයි. එයම බිම් මට්ටමේ සිටින සමාජිකයි අතරටද යවමින් අරයා පනින්න හදන්නේ කියමින් තව තවත් කට කතාවට පණ දෙයි.එය ෆේස් බුක් සමාජ ජාලව හරහා ලියමින් සනාථ කිරීමටද උත්සහ කරමින් තව තවත් වර්ධනය කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදීද මෙවැනිම වැඩ පිළිවෙලක් නිර්මාණය කරමින් මහින්දවාදී මිනිසුන් මානසිකව වට්ටවමින් මැතිවරණය පිළිබද කටයුතු වලින් ඇත් කොට තැබීමට ඔවුන් වැඩ පිළිවෙලක් සකස් කල අතර මෙම මැතිවරණය සදහාද එම කුමන්ත්‍රණය යොදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රී වරයෙකු මේ මොහොතේ සිරිසේන සමග එක් වන්නේ නම් එය දීර්ඝ කාලින කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් හා ජනතා මතය පසෙකලා සිදු කරන සිය දිවි නසා ගැනීමක්ය. මහින්දානන්ද, සිබි රත්නායක, විමල් විරවංශ පවිත්‍රා වන්නිආරච්ව් හා සිරිපාල ගම්ලත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් කිසි කලෙක මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා පක්ෂය හැර ජනතා මතයට පයින් ගැසීමට සුදානම් නැති බව පුද්ගලිකවම අප දන්නා කාරණයක් සේම ඒ පිළිබද 1000% විශ්වාස කාරණාවකි.

නරින්ගේ කපටිකම් වලට රැවටෙන රිලවුන් වදුරන් සිටිය හැකි වුවත් නරින්ගේ කපටි කම් වලට සිංහ පැටවුන් හසු නොවන්නාසේ සිරිසේනගේ කපටිකම් වලට ඒකාබද්ධ විපක්ෂය හෝ එහි නායකයින් හසු කර ගැනීමට නොහැකි බවද සිරිසේනගේ කටකතා කල්ලියට මතක් කළ යුතුය.

– කැලුම් ප්‍රියංකර