ඊලග ඔලිම්පික් කමිටු සභාපති ඩොලර් මිලියන 2100 සමග මාට්ටු..

ලංකාවේ ඔලිම්පික් කමිටුවක් තියෙනවාදැයි කියා අහන්නට හිතෙන්නේ ලංකාවේ ක්‍රීඩාවට වෙලා තියෙන වින්නැහිය දුටු විටය. යන්තන් සුසන්තිකාට කියා ගොඩදාගත්තා මිසක් ලංකාවේ ඔලිම්පික් කමිටු වල ඉන්න එවුන් පිටරට යාම, සාප්පු සවාරි යාම, පිටරටින් එන සල්ලිවලින් කොන්ත්‍රාත් කිරීම සහ ගොඩයන්නට ඉන්න ක්‍රීඩකයන් කල්ලිවලට දමා කෙලවිම හැර වෙන දෙයක්නම් කර නැත. හේමක ලොක්කා අපි දන්නා කාලේ ඉදන් ඔලිම්පික් අයිතිකාරයාය. එයා 230 වතාවක් ඔලිම්පික් නිසා රට ගොස් ඇත. කෝටි ගනන ආධාර මුදල් ගෙන්නාගෙන ඇත. ලෝකෙ පුරා එයාගේ පෞද්ගලික බිස්නස් දියුණු කරගෙන ඇත. ලංකාවේ ඔලිම්පික් යන ක්‍රීඩකයන්ට කෙලවී ඇත.

ඊලග සභාපති ලෙස එන්නේ ඔහුගේ හොදම මිතුරාය. බිස්නස් පාට්නර්ය. වෙනින් කවුරුත් නොව සන්ඩේ ටයිම්ස් පුවත්පත ගිය වසරේ හෙලිකල පරිදි ඩොලර් මිලියන 2100 තමුන්ගේ සහ තම බිරිදගේ නමින් හොර ස්විස් බැංකුවල තැන්පත් කරතිබී ජාත්‍යන්තර ගවේෂණශීලි මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ලොවට හෙලිකරදුන් ‘සුබ්‍රමනියම් සුරේන්ද්‍රන්’ ය. සන්ඩේ ටයිම්ස් කියන පරිදි මෙසේ හොර රහසේ රුපියල් බිලියන 20000 පමණ ලංකාවෙන් පිටකර ඇත්තේ බදු මුදල් වංචා කිරීමට සහ උපයාගත් ආකාරය හෙලිකල නොහැකි නිසාය. මෙම ජාත්‍යන්තර මුල්‍ය වංචාව ලොවට හෙළිකරමින් ගවේෂණශීලි මාධ්‍යවේදීන්ගේ සංසදය කියා තිබුනේ ව්‍යාපාරිකයන් සාමාන්‍යයෙන් මෙලෙස මුදල් හංගන්නේ ලෝකයේ භයානක අවි ආයුධ වෙලදාම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා මුදල් යොදවා අධික ලාභ ලැබීමට බවයි. සුබ්‍රමනියම් සුරේන්ද්‍රන් ලොවම හදුනන්නේ සුවිස් බැංකු වල සල්ලි හංගන ජාත්‍යන්තර කෙලි කාරයෙක් ලෙසය.

සුබ්‍රමනියම් සුරේන්ද්‍රන් ලංකාවේ සිටින ලොකුම බලශක්ති ව්යාපාරිකයාය. නිකන් ව්‍යාපාරිකයෙක් නොව හොරෙන් ජල විදුලි බලාගාරවල වතුර හරවා ජල හිගයක් මතුකර ඩීසල් විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණා මාට්ටු වූ ව්‍යාපාරිකයෙකි. ලංකාවේ බලශක්ති අර්බුදයක් මවා පෑමට දේශපාලකයන්ට බලකර අතේ කොටුවූ ව්‍යාපාරිකයෙකි. තමුන්ගේ විදුලිබල ඩ්ල් වලදී ඉංජිනේරුවන්ට කොටි ගණන් කප්පම් ගෙවන්නට ගොස් පාඩමක් ඉගෙනගත් අයෙකි. දැන් හේමසිරි ලොක්කා තමුන්ගේ හෙළුව වසාගන්නට ඔලිම්පික් කමිටුවට ගේන ඊලග සභාපතිවරයාය.

සුබ්‍රනියම් සුරෙන්ද්රන්ට සහ හෙමසිරිට අපි සුභ පතන අතර රටේ ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටද පතමු!