මචන්, අපිනම් ඔය දේශපාලනය කරන්නෙ නෑ.. තරුණ පරපුරම කියවිය යුතු ලිපියක් මෙන්න..

සාමාන්‍යයෙන් මගේ හොදම මිතුරන් මට නිරතුරුවම කියන දේවල් දෙකක් තියනවා. එකක් තමයි ‘මචන් අපි නම් ඔය කෙහෙල්මල් දේශපාලනේ කරන්නේ නෑ’ කියල. ඒක ලස්සනට කියනවනම් ‘We are Apolitical no machan’. දෙවැනි කාණ්ඩය කියන්නේ ‘උබේ ඔය ජාතිවාදී පොස්ට් වලට අපිව ටැග් කරන්න එපා ප්ලීස්’. ලගදි ඉදන් මම ආපහු අහන්න ගත්තා ‘මචන් මොකක්ද මම ලියපු ජාතිවාදී පොස්ට් එක’ කියල. සාමාන්‍ය පිළිතුර තමයි ‘නෑ ඉතින් ඔය උබ ලියන දේශපාලන දේවල්’. ටිකක් වැඩිදුර කල්පනා කරද්දී තමා මට තේරුණේ මේ ප්‍රකාශයේ තියෙන බරපතලකම. ‘දේශපාලන සංවාද ජාතිවාදී සංවාද යැයි’ මතයක් නිර්මාණය කිරීම අතිශය විනාශකාරී දේශපාලන ව්‍යාපෘතියක කොටසක් විදියටයි මටනම් තේරෙන්නෙ.

අනික් අතට මේ ප්‍රකාශය කලේ යම්කිසි දේශපාලන ව්‍යාපෘතියක දැනටමත් යෙදිලා ඉන්න හෝ ඔය මොකක්හරි සිවිල් සංවිධානයක් හරහා බැංකොක් පුහුණුවකට ගිහින් ආපු හාදයෙක් නම් මම මෙච්චර කලබල වෙන්නේ නෑ. මොකද ඒ ව්‍යාපාරවල අරමුණක් විදියටම ‘දේශපාලන විසංවාදයෙන් බුද්ධිමත් තරුණයන් ඈත් කර තැබීම’ තිබෙන නිසා. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉගෙනගත්ත නැති එවුන්, රටේ තීරණ ගන්නේ බුද්ධිමතුන් නෙමෙයි, වෘත්තිකයන්ට දේශපාලනයේ ඉඩක් නෑ වගේ දේවල් කියන ගමන්, සම්බුද්ධික තරුණයෝ දේශපාලන සහභාගිත්වයෙන් පැනල යනවා.

මේ වෙලාවේ යුරෝපීය යුත් කවුන්සිලයේ ප්‍රධානම කැම්පේන් දෙක තමයි වයස අවුරුදු 16 සම්පුර්ණ වූ විට චන්ද අයිතිය ලැබිය යුතුයි කියන එකත් වයස අවුරුදු 18න් පසු චන්දය ඉල්ලන්න අවශ්‍ය පරිසරය දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කලයුතුයි කියන එකත. එහෙ එහෙම කරල මෙහෙ අපේ එවුන් අතර දේශපාලන භීතියක් නිර්මාණය කරන්නේ කවුද? මේ propaganda එක ඉබේ ඇතිවුනාද නැත්නම් ඇතිකලාද? එහෙමත් නැත්න්ම මේ යහපාලනය විසින් නිර්මාණය කල ‘දේශපාලන ඉච්චාබංගත්වයේ’ ප්‍රතිපලයක්ද?

දේශපාලනේ කතාකරන එක ජාතිවාදියි කියල, ඇමතිවරු කොටි ගණන් දීල වාහන ගත්ත නිවුස් එකට තරහ අරන් Facebook එකේ පොස්ට් එකක් දාල නම් මේ අවුලෙන් රට ගොඩගන්න බෑ පුතෝ.

– මිලින්ද රාජපක්ෂ

පපුවට දැනෙන ලිපි තමන්ගේ ප්‍රොෆයිල් එක හරහා මෙච්චර කල් ලියපු මිලින්ද රාජපක්ෂ අද තමන්ගේ නමින් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කරලා. පහත තිබෙන තියෙන සබැඳියෙන් ඔබට ඔහු හා සන්නිවේදනය කරන්න පුළුවන්..

www.messenger.com/t/MilindaRajapakshaSriLanka