නින්දිත පොලිස් කණේ පහරට එරෙහිව එසවෙන පෑන් පහර…. සූ බණ්ඩාරගේ පළමු ලිපිය..

අසාධාරණ සිරගත කිරීමකට පසුව දින 47කින් මා පෑන අතට ගත්තේ යලිත් අකුරු කිරීමටයි. මේ වන විට අකුරු වල ද හැඩය වෙනස් වී ඇතැයි මට සිතුනි. නමුත් අකුරු වල හැඩය වෙනස් වී නැත. එහෙත් අකුරු එකිනෙක ගැටගහන විදිහ හරිම වෙනස් බව දැනුණි. ජීවිතය ලැබූ අලුත් පන්නරයත් එක්ක මගේ ප්‍රාණයෙන් ලියවෙන දේවල් වලට අලුත් පණක් පමණක් ලැබී ඇත.

මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවීම අසාධාරණ සිදුවීමක් මෙන්ම අහඹු සිදුවීමකි.ඒ කාලය තුළ මට ධයිවය විසින් මිනිස්සු වෙනස් කරන්නේ විවිධ පරීක්ෂණ වලින් කියා හොදටම තේරෙන්නට විය. මත්තල ගුවන් තොටුපල විදේශිකයන්ට විකිණීමට විරුද්ධව ඔක්තෝම්බර් 6 වනදා පැවති උද්ඝෝෂණය වාර්තා කිරීමට යන අවශ්‍යතාවය දැඩි විය. මෙයට විශේෂ හේතුව තමයි මත්තල ගුවන් තොටුපල යනු අනාගතයේ දවසක රටේ ආර්ථික මර්මස්ථානයක් වීමය. ඒ මාධ්‍ය ආවරණය ඉරිදා ඇපල් පුවත්පත වෙනුවෙන් මෙන්ම සමාජජාල වෙබ් අඩවි තුලින් කුතුහලයෙන් පිරි සමස්ත ජනතාව වෙනුවෙන්ම විය.

එදා සුපුරුදු රාජකාරි ආරම්භ කිරීමට සැරසෙන විට කුමක්දෝ අමුත්තක් දැනුණි. සියල්ල සිදු වෙමින් පවතියි. උද්ඝෝෂණය භූමිය අවසානයේ යුද පිටියක් විය. නමුත් මට ඕනෑම තැනක සාමකාමී ලෙසින් හැසිරිය හැකිය. දිගින් දිගටම මා සජීවී ලෙසින් එහි තොරතුරු රටට ලබාදීම අත් නොහැරියේය. විශේෂ කාර්ය බලකායේ රථය ද පොදු දේපළකි. ඒ මොහොතේ එල්ල වූ ගල් ප්‍රහාරයන්ගෙන් එය ආරක්ෂා කර සුරැකීම මා සතු වගකීමක් ලෙසින් එය ද ඉටු කළෙමි. නමුත් එවිට පොලිස් ග්‍රහණයට හසුවූයේ ඒ සියල්ලේ වටිනාකම් ලෝකයාට පමණක් ඉතිරි කරමින්ය. පොලිස් අත් අඩංගුවට පත්වූ මාගේ සියලු නහර නතර විය. ජීවිත කාලය පුරාම පොලීසියකට ගොස් නැත. පැමිණිල්ලක් ලියා හෝ නැත. මා හට පැවති දරා ගැනීමේ ශක්තිය වුවත්,හීන වන්නේ සිතා ගැනීමට නොහකි ලෙසින්ය. ඒ පොදු දේපළවලට හානි කිරීමේ වරද යන චෝදනාවටය. එය කණේ පහරට වඩා මට දරාගත නොහැකි විය. ඉන් පසු මා රෝහල් ගත නොකොට තංගල්ල බන්ධනාගාරයට යවන්නේ එදින රාත්‍රියේමය.

නමුත් වටපිටාව, රාජකාරී ක්‍රමවේදය පිළිබඳ අසා තිබුණද එහි අත්දැකීම නොතිබිණි. බන්ධනාගාර භූමියට ඇතුළු වන මොහොතේ මා හට ලැබුණු අංකය, සැක අංක 2822 විය. මින් ඉදිරියට මා හට නම වෙනුවට එම අංකය භාවිත කරන බව මා හට වැටහුණි. දැන් රක්ෂිත බන්ධනාගාර රැදෙවියෙක් වීම මාරය. මා ඒ මොහොතේ පටන් එම ක්‍රමවේදයට හැඩගැසිය යුතුය. මාගේ කණේ ඇතිවූ අසනීප තත්වය නිසා පසු දින රෝහල් ගත කරන ලදී. පාන්දර දෙකයි තිහට තංගල්ල රෝහලට ඇතුලත් කල පසු මා සැකකරුවකු මෙන්ම රෝගියකු ද විය. මට එම තත්ත්වයන් දෙකටම පුරුදු වීමට සිදු විය.

සාපරාධී වැරදිකරුවකු ලෙසින් මාංචු දෙකට සිර වී මාගේ රෙදි බෑගය පපුවට තුරුලු කරන් තංගල්ල බන්ධනාගාරය වෙත පියමනින විට මා සිතේ යමක් කැකෑරෙමින් තිබුණි. ඒ මාගේ හෘදසාක්ෂියට අනුව වැරදිකරුවකු නොවන නිසාවෙනි. වැරදිකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට වීම නිසා එයට අවශ්‍ය මානසිකත්වය හුරු කිරීමට පටන් ගතිමි. තංගල්ල රෝහලේ සිට බන්ධනාගාරය වෙත ඇත්තේ මීටර් 100ක් පමණි. එම දුර ප්‍රමාණය ඉතා වේගයෙන් ගෙවී ගියේ ගතේ හයිය මෙන්ම මාගේ හිතේ ඇති පූර්ණ ශක්තිය නිසාය. මා හුසේන් බෝල්ට්ට වඩා වැඩි වේගයෙන් ඒ මීටර් 100 අඩියට දෙකට අවසන් කළේය.

ලොව වේගවත්ම මිනිසා මා ලෙසින් එහි යනු ලැබුවෙමි. මට බන්ධනාගාරයට යාම ඉක්මන් කළ යුතුව තිබුණි. මක් නිසා ද යත් මාංචු කූට්ටමින් රැගෙන යන ආකාරය මා ජනිත කළ අම්මා සියැසින් දකින්න අවශ්‍ය නැති නිසාය. මේ ජීවිත කාලය පුරා මා මගේ අම්මාගේ දෙනෙතට සතුටු කදුලු මිස මෙ ආකාරයකින් එක් කර නැති නිසාවෙනි.

මා බන්ධනාගාරය ඇතුලට ආ පසු අපේ අම්මා මා බැලීමට අමුත්තන් කුටියට පැමිණ ඇති බව කියන විට රෝහලේදීම මවට සමු දුන්නා නම් යහපත් වන්නට තිබුණු බව වැටහුණ ද සියල්ලටම මා ප්‍රමාදය. අම්මා මා ඉදිරියට ආවේ වෙව්ලමින්‍ ය. අම්මා මා වෙවුලමින් හිටිය ද “බය වෙන්න එපා ඔයාගෙ පුතා නිර්දෝෂීයි” කියා අත් දෙක අල්ලාගෙන ඇය සනසන්නට මට නොහැකි විය. මාත් අම්මාත් අතර පරතරය ඇති කර තිබුණේ අපගේ ඇගිලි තුඩක් හෝ ස්පර්ශ කරන්නට බැරි වන සේ තිබු යකඩ දැල නිසාවෙනි. ඇගේ හඩත්, යකඩ කෝටු අතරින් වැටී තිබුණු අම්මාගේ මුහුණත් දැක ගත හැකි විය. ඉන් එහාට කළ හැකි දෙයක් නොවීය. කෙසේ හෝ අම්මා සමුදුන්නේ මා ශක්තිමත් බැව් ඇයට සපත කරමින්ය.

බන්ධනාගාරයේ පළමු රාත්‍රියේ ආගන්තුකයින් හත්දෙනෙකු සමග එකම කාමරයක විය. මෙහි උප සංස්කෘතියක් තිබෙන බැවින් මා කල් තියා දන්නා නිසාත් ඊට අනුව වැඩ කළෙමි. කෙසේ හෝ “කාමර පාටි” යනුවෙන් සිර දඩුවම් විදින, වැඩිම කාලයක් සිටින අයට එහි මූලිකත්වය පිළිවෙලින් ලැබේ. “PH පාටි” යනු බන්ධනාගාර රෝහලේ කටයුතුවලට සිටි සිරකරුවන් ය. ඔවුහු මා හට ඔවුන්ට කල හැකි උපරිමයෙන් සහයෝගය දැක්වූහ. ස්ත්‍රී දූෂකයන්ට හැරුනාම අන් අයට බන්ධනාගාරයේ කිසියම් දුරක ඨණාත්මක සැලකිල්ලක් ඇත. එසේ සිටිමින් පළමු රාත්‍රිය මහ පොළොවේ පැදුරු කෙටියක් දමා මදුරුවන් ගේ ස්පර්ශය සමග සුව යහනක නිදා ගතිමි. පසු දින මා අවදි වන්නේ “පෝළිම් පෝළිම්” යනුවෙන් බෙරිහන් දෙන විටය. මාගේ කණේ ඇති වේදනාව නිසා එය දරා ගැනීමට නොහැකි තරම් ඝෝෂාවක් විය. ඇරත් කළ හැකි දෙයක් නොවීය. දරා ගත යුතුය. ඉවසීම ප්‍රගුණ කළ යුතුය.

මා හට තේ එකක් රැගෙන එන, මුස්ලිම් ජාතිකයෙකු වුවත් අලී මාමා සීනි ටිකක් ද මට ලබා දෙමින් “අපි කොහොම හරි ඉමු, ඒත් මෙහෙම තේ බොනවද?” අස යි. මා ඔව් කීවද, තේ උගුරක් තොල හරහා යන විට මා හට කසළ තේ වැනි ඩයිවල රසයක් දැණුනි. කෙසේ හෝ එයම මට සුවයක්ම විය. පෙර දින බිම නිදා ගැනීම තුල මාගේ සෙම ගතිය වැඩි වී කණ රිදෙන්නට විය. රස්නෙන් බොන උණු වතුර ලෙසින් උගුරට දෙකට එය අවසන් කළෙමි. ඒ සමග පෝළිමේ ගොස් රැගෙන ආ බත් ඇට්ට කුණාව තිබෙන බව දකින විටම මට වැටහුණි

දවල් කාලයේ රැදෙවියන් සියලුදෙනා දවස ගෙවන්නේ රූපවාහිනි නාලිකාවල යන චිත්‍රපට නරඹමින් ය. එළියේ බොහෝ දෙනෙක් වොලිබෝල් ක්‍රීඩාවෙන් දවස ගෙවා ගනියි. කාමරයේ සිටින විට රූපවාහිනියේ ශබ්ඨය උපරිමයෙන් දමාගෙන සිටීම ඔවුන්ගේ පුරුද්දය. එළියේ සියලු දෙනාගේ කටහඩවල් පරයා නැගෙන රූපවාහිනියේ ශබ්දයත්, සියල්ලත් දරා ගන්නට අමාරුය.

කොට්ටයක් තද කරන් මහමෙර තරම් වේදනාවක් විදින්න ව තද කරන් මහමෙර තරම් වේදනාවක් විදින්න වූයේ පෙර පාපයකට වුවත්, දවසින් දවස මා ලබන පන්නරයට ශක්තියක් වූ බව මා සිරගත කල අයට මෙසේ සටහන් තබමි. එයටද අවංකවම ස්තුතී කියා කියන්නට අවංකවම හැකියාව ඇත.

ලබන සතියට…

#සූ_බණඩාර