ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවතට..

අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන්.

ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා, රදවා ගත් එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

තවද ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම හොදම පන්දු යවන්නා ලෙසද සැලකෙන්නේ ලසිත් මාලිංගයි,
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ද්විත්වයක ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හිමිකර ගත් අතර , එම තරගාවලි දෙකෙහිම ලසිත් මාලිංගගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි.

මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙන දම් පැහැති හිස් ආවරණය 2011 වසරේදී දිනා ගත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දවා ගෙන තිබෙන කඩුලු ගණන 154ක්.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ගේ වර්තමාන දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් සහ ඔවුන්ට නිත්‍ය සාමාජිකයන් 4-5 ක්‌ පමණක්‌ රඳවා ගැනීමට සිදුවීමෙන් මාලිංගව නිදහස්‌ කිරීමට තීරණය කළ බව මුම්බායි කණ්‌ඩායම් කළමනාකාරීත්වය ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණය දැනුම් දෙමින් මෙලෙස පවසනවා.

ඒ අනුව ව එළැඹෙන අයි.පී.එල්. තරගාවලියේදී ලසිත් මාලිංගව ප්‍රසිද්ධ වෙන්දේසියකින් කණ්‌ඩායම්වලට අවශ්‍ය නම් තෝරා ගැනීමට හැකි වන අතර, කිසිදු කණ්ඩායමක් විසින් හෝ ඔහුව මිලදී නොගතහොත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වනු ඇති.

කෙසේ වෙතත් ලසිත් මාලිංග මින් පෙර ඉන්දීය පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුනේ “ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් එවකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් බවත්, තමන්ගේ ප්‍රියතම නගරය මුම්බායි නගරය බවත් ය”.

ලසිත් මාලිංග 2011 වසරේ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක් යෙදුනු අතර, ඉන් පසුව 2011 වසරේදී ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.