විමල් ද බැසිල් ද රටද ප්‍රශ්ණේ…. කුමන්ත්‍රණ කරුවන් පරදවා රට දිනවමු.. අමිල ප්‍රසාද් රාජපක්ෂ ලියයි

බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඒකාබද්ධ විපක්ෂය කෙටවීමේ කොන්ත්‍රාත්තුව…..

අදුරු යුගයක නිමාවක් සනිටුහන් කරමින් නිමාවූ කුරිරු ත්‍රස්තවාදයට අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකිකයන් මෙන්ම ජාත්‍යන්තරයද සහයෝගය දැක්වූ අතර එක්සත් ජාතික පක්ෂය සහයෝගය පළකිරීම වෙනුවට කකුලෙන් ඇදීම, මඩ අවලාද නැගීම, රණවිරුවන් හෑල්ලුවට ලක්කිරිම්ද සිදු කළේය… සමහරක් රටවල්ද ඊට නොදවෙනි ලෙස ත්‍රස්තවාදීන් පෝෂණය කිරීමට යුහුසුළු විය… ජනතා විමුක්ති පෙරමුණ මුලාරම්බයේ සහයෝගය පල කලද යුද්දයේ නිමාවට කලින් ඊට සහයෝගය පළකිරීමෙන් ඉවත්වුනේ එක්සත් ජාතික පක්ෂයේ උවමනාවටද යන්න අදවනවිට පැනනගින ගැටලුවකි.. ඒ මන්දයත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ පස්චාත්භාගය සෝදනු දැකීමෙනි….

මෙහිදී විමල් වීරවංශ දිගින් දිගටම යුද ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂ වරුන්ට සහයෝගය දැක්වූ අතර ජාති ආගම් බේදයකින් තොරව රටේ සියලුම ජනතාව යුද්දය නිමා කරලීමට සහයෝගය දියයුතු තැනට ජනතාවගේ මානසිකත්වය ගොඩ නැගුහ… ඉන් අනතුරුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය බාරගන්නා විමල් වීරවංශ යුද්ධයෙන් මෙන්ම නිවාස අහිමිව ජීවත්වන සැමට නිවසක් තනාදීමේ මහගු කාර්යය ඉටුකරමින් සිටියහ….

රාජපක්ෂ රජයේ බැසිල්ගේ භූමිකාව……

නිමාවූ යුද්දයත් සමග ආර්ථිකමය වශයෙන් පරිහානියට පත්ව තිබු මාතෘභූමියට කිසිදු ආයෝජනයක් කිරීමට කිසිදු රටක්, කිසිදු පුද්ගලයෙක් ඉදිරිපත් නොවන අවස්තාවක ජාත්‍යන්තර සබදකම් ගොඩනගමින් විදේශීය ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනිමින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් නගා සිටුවීමට මහගු කාර්යභාරයක් ඉටුකළ මහා මොලකරු බැසිල් රාජපක්ෂම විය….

රැකියා විරහිත භාවයෙන් මිරිකෙමින් සිටි තරුණ තරුණියන් මෙන්ම ඈත දුෂ්කර ගම්බද ප්‍රදේශවල ජනී ජනයා අවම යටිතල පහසුකම් ටිකවත් නොලැබෙනා මොහොතක, කෘෂි ආර්ථිකයෙන් යැපුණු අහිංසක දුප්පත් ගම්බද ගොවි මහතාගේ දුක්ක දෝමනස්සයන් අදුනාගත් බැසිල් රාජපක්ෂ ආර්ථික අමාත්‍යාංශය හරහා ඩොලර් ට්‍රිලියන ගණනින් මෙරට ගෙන්වූ ආයෝජන තුලින් රටේ ජනතාවගේ මෙන්ම රටේද ආර්ථිකමය ගැටලුවල උත්තර සපයන්නට විය…

 

නිහඩ මොලකරු……..

මහජනතාව ගොනාට අන්දවා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවගේ මෙන්ම රටේ අවශ්‍යතාවන් වලට පයින් ගසමින් විජතිකරණයෙන්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි පවසමින් අන්තවාදී බෙදුම්වාදීන්ගේ උවමනා එපාකම් වලට අනුව මවුබිම කෑලි කෑලි වලට බෙදා වෙන්කිරීමට උත්සාහ දරන අතර එක්සත් ජාතික පක්ෂයේ කුස්සියේ ලගින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද ඊට අත්වැල් සපයන්නේය..
දිනේෂ් ගුණවර්ධනලා, විමල් වීරවන්ශලා, වාසුදේව නානයක්කාරලා,උදය ගම්මන්පිලලා එකතුව ඊට විරුද්ධව හඩක් නගන මොහොතක.. ඒ සදහා ජනතාව පෙළගැස්වීම සදහා නව පක්ෂයක අවශ්‍යතාවය ඇතිවිය. ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොදම විකල්පය ලෙස බිහිවිය…

බැසිල් රාජපක්ෂ මහතා මෙම නැවුම් පක්ෂයේ බිම්මට්ටම පිළිසකර කරමින් තිබෙන මොහොතක දේශපාලන පක්ෂ, විද්වතුන්, විචාරකයන් නොසිතු විරූ ලෙස අලුත බිහිවුණු පක්ෂයක ඇති විශාලම සාමාජික සංඛ්‍යාවේ කඩ ඉම මාස දෙකක් තුනක් වැනි කෙටි කාලයකදී පසුකරලීමට හැකි උනේ බැසිල් රාජපක්ෂ සහ ඒ වටා සිටි සියලු දෙනාගේම නොමද කැපවීම හේතුවෙනි…

වත්මන් ආණ්ඩුව බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීම…..

බෙදුම් වාදය සහ විජාතික කරනය කරපින්නා ගත් පක්ෂ සියල්ලටම බැසිල් රාජපක්ෂ තර්ජනයක් වුයේ දැවැන්තව ගොඩනැගුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සහ අනෙකුත් පක්ෂය. මොවුන් බේද බින්න කිරීමෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමේ සිටින කදවුර අඩපන කිරීමට එජාප,ශ්‍රීලනිප කල්ලි වලට අවශ්‍ය විය. ඒ සදහා මොවුන් තෝරා ගන්නේ මහින්ද පිලේයයි කියාගන්න එහෙත් එජාපයේ අගුපිලේ ලගිමින් රවි කරුණානායකලාගේ, රාජිත සේනාරත්නලාගේ සයිබර් ප්‍රචාරණ සිදු කරන, ශ්‍රීලනිප මහලේකම්ලාගේ වහලුන් බවට පත්ව සිටින, මත්පැන් බෝතලයකට දෙකට නැවෙන දෙපිට කාට්ටු හිඟන්නෝය, හිබිජ්ජෝය….

එම නිසා බුද්ධිමත්ව සිතා වෙන උන්ට රැවටී කාලය කා දැමීම වෙනුවට, කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් කැපවිය යුතුය.

අමිල ප්‍රසාද් රාජපක්ෂ..